නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු, රෝහලෙන් පැන විත් ගාලුපාර ඔස්සේ පාගමනින් යමින් සිටියදී සොයා ගත් බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.
මෙසේ පැනගොස් ඇත්තේ බේරුවල, පරණ කඩේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙක්.
බේරුවල සිය නිවසට පැමිණෙමින් සිටියදී සෞඛ්‍ය අංශ සහ බේරුවල පොලීසිය එක්ව එම ආසාදිතයාව බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දි සොයාගෙන තිබෙනවා.
මෙම ආසාදිත තරුණයා බේරුවල නගර සභා ප්‍රදේශයේ දී දින කිහිපයකට ඉහත කළ කළ PCR පරීක්ෂණයකින් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් අනතුරුව කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාරය ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here