කල්කුඩා ප්‍රදේශයේදී නීති විරෝධී සැමරුමක් සිදු කිරීමට ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
කල්කුඩා පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මොහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන බවත්, කල්කුඩා පොලිසිය විසින් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here