පිටරටට කඹුරන එහෙයියන්ගෙ ඊනියා සළුපිලි ගලවා දැමු ජෝ බර්ඩ්න් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්…

අනිතර්ජාලය හා රාජ්‍යය ජනමාධ්‍යය පමනක් තිබු යුගයක ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පිළිබඳව දෙස් විදෙස් සම හරක් අපේ ඔළුවේ මවා තිබුණේ අමුතුම චිත්‍රයකි. ඔවුන්ට ලංකාවෙ සඳුන් ගහත් ගඳය පිටරටක ගුද වාතයත් සඳුන් සුවඳය.

අද ජෝ බර්ඩ්න්ගේ ජනාධිපති සම්ප්‍රාප්තිය සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ සමුගැනීම බටහිර නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙ හෙළුව සැබෑවටම පෙන්නුම් කළේය.

🔖මවලා තිබුන චිත්‍රය-:
බටහිර රටවල නායකයන් වෙනස් වූවාට ඒ රටවල ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැත. ඒ රටවල් දැඩි විනයක් ඇති සිස්ටම් ඇති රටවල්ය.

සැබෑ චිත්‍රය -:
ජෝ බර්ඩ්න් දිවුරුම් දී පැය 24 ක් ඇතුලත ට්‍රම්ප් අත්සන් කර තිබු ජාත්‍යන්තර ගිවිසුම්ද ඇතුලත්ව ගිවිසුම් 16 ක් අවලංගු කළේය. ඒ අතර ලෝක සෞඛ්‍යය සංවිධානයෙන් හා පැරිස් ගිවිසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත්වීමෙ ගිවිසුම්ද විය.

🔖මවලා තිබුන චිත්‍රය-:
ඒ රටවල නායකයන් බලයට කෑදර නැත. පරාජය පිළිගෙන මහත්මා ගතියෙන් පිටත් වෙනවාය.

සැබෑ චිත්‍රය -:
ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරේ වෙනත් ආකාරයකින් තමන් නැවත දේශපාලනයට පැමිනෙන බවයි.

🔖මවලා තිබුන චිත්‍රය-:
බටහිර ජාතීන් සම්ප්‍රදායන්ට ගරු කරන නියම මහත්වරුන්ය.

සැබෑ චිත්‍රය-:
සියලුම සම්ප්‍රදායන් බිඳ දමමින් ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපති දිවුරුම් දීමෙ උත්සවයට පවා සහභාගී වූයේ නැත.

🔖මවලා තිබුන චිත්‍රය-:
ඔවුන්ගේ රටවල ආගම් වාදයක් නැත. සියළුම ජාතීන් හා ආගම්වලට එක හා සමානව සලකයි.

සැබැ චිත්‍රය-:
ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නෙ බයිබලය මත අත තබා දෙවියන්ගෙ නාමයෙනි.

🔖මවලා තිබුන චිත්‍රය-
ඒ රටවල ජනතාව අපේ රටේ මෙන් ගෝත්‍රික නැත සාමකාමීව චන්දය ප්‍රකාශ කොට සාමකාමීව නිවෙස්වලට යයි. පසුදින චන්දයක් තිබුණාද කියාවත් සොයාගත නොහැකිය..

සැබෑ චිත්‍රය-:
අපි ඒ සාමකාමි තත්වය රූපවාහිනියෙ අන්තර්ජාලයේ සියැසින්ම දුටුවෙමු. ඇමරිකානු කොංග්‍රසයට කඩා වැදුනු ට්‍රම්ප් පාක්ෂිකයන් එහි දේපල වලට හානි කළ අතර වෙඩි තැබීමෙන් පස් දෙනෙක් මිය ගියහ. විලිලැජ්ජය. ශ්‍රී ලංකාවේ බල පෙරලියකදි කෙදිනකවත් එසේ සිදු වී නැත.

🔖 මවලා තිබුණු චිත්‍රය
ඒ රටවල නායකයින් ලංකාවෙ මෙන් වයසට ගොස් දේශපාලනයට එන්නෙ නැත. ඔවුන් ඒ වයසේ දි විශ්‍රාමික සුවයෙන් පසු වේ.

සැබෑ චිත්‍රය-:
ජෝ බර්ඩ්න්ට වයස 78 කි. අපේ වයස 75 මහින්ද සීයාය. ඔහු ගෙදර යා යුතුය.

තව කරුණු බොහෝමය. ජනාධිපති බර්ඩ්න් දිවුරුම් දුන්නේ දැඩි හමුදා රැකවරණ මැදය. තව බොහෝ දේ ලිවිය හැක. ජෝ බර්ඩ්න් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් කණට ගැසුවේ ඇමරිකානු ජනතාවට නොව එව බලව අපේ නායකයො රටට මොනවාද කරේ මෙන්න සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නෙ මෙහිය යනුවෙන් කෙකර ගාන ඔවුන්ව දේවත්වයෙන් පුදන අපේ රටේ පුබ්බේරුවන්ටය. ස්තූතියි බර්ඩ්න්..!! ස්තූතියි ට්‍රම්ප්..!!

සටහන නිලන්ත සත්සර ගමගේ ගෙන්  ✍️

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here