2021 වසරේ පාස්කු ඉරිදා දිනය යෙදී තිබෙන අප්‍රේල් 4වනදා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක මාධ්‍ය මෙහෙයුමක තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

2019 අප්‍රේල් 21 වනදා මෙරට කතෝලික දේවස්ථාන සහ ප්‍රධානපෙලේ හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව එල්ලවන සමයේ පැවති යහපාලන රජයේ කැබ්නට් තනතුරු දරන ලද අමාත්‍යවරුන් මෙන්ම එම රජය නියෝජනය කල දේශපාලකයින් පිරිසක් ඔවුනට සහාය දක්වන මාධ්‍ය ජාලයක් සමඟ එක්ව මෙම මාධ්‍ය මෙහෙයුම සැලසුම් කොට ඇත්තේ කොළඹ පිහිටි සුපිරි පන්තියේ නිවාස සංකීරණයක පිහිටි සජබ දේශපාලකයකුට අයත් නවාතනකදීය.

අදාළ දේශපාලකයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයට අයත් පුද්ගලයකු ලබාදුන් විශ්වාසදායී තොරතුරකට අනුව ඔවුනට විශාල වශයෙන් මේ දිනවල සහාය දක්වන රුපවාහිනී නාලිකාවක මාධ්‍ය මෙහෙයවන්නන් තිදෙනකු සහ හිටපු අමාත්‍යවරයකුට සහාය දක්වන සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් පිරිසක් එක්ව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමාන රජයට චෝදනා එල්ල කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත් අනතුරුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් හා කතෝලික පල්ලි නියෝජනය කරන පියතුමන්ලාගේ ප්‍රකාශ ලබාගෙන වත්මන් ජනාධිපතිවරයාට සහ රජයට අවාසිදායක ලෙස ඒවා සමාජගත කරවීමට මේ වනවිටත් පිටපත් සකසා ඇති බවයි කියැවෙන්නේ.

වත්මන් රජය විසින් හෙලිකරගනිමින් පවතින පාස්කු ප්‍රහාර වරදකරුවන් සහ එයට සහාය දුන් පිරිස් ඉදිරියේදී හෙළිදරව් වීම හරහා බන්කොලොත්වන සිය දේශපාලනය සහ එමඟින් ඔවුන් හැරයන පාක්ෂිකයින් ආරක්ෂා කරගැනීමත් දිනෙන් දිනට එක එක මාතෘකා සහ මාධ්‍ය මෙහෙයුම් දේශපාලනයේ තවත් එක අදියරක් ලෙසත් මෙය ක්‍රියාත්මක බවයි දේශපාලක විචාරකයින් පවසන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here