බංග්ලාදේශ සතියක කාලයක් වසා තැබීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, කොවිඩ් ආසාදිතයින් හා කොවිඩ් මරණ වාර්තා වීම ඉහළ යාම හේතුවෙන්.

දත්තවලට අනුව එරට කොවිඩ් මරණ සංඛ්‍යාව පැය 24 ක් තුළ 50 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ වනවිට එරට කොවිඩ් මරණ ගණන 9,155 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම එරට කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 06 ද ඉක්මවා ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සතියක කාලයක් බංග්ලාදේශය වසා තැබේ.

නමුත් එම කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වනවා.

රට වසා තැබෙන කාල සීමාව තුළ සෑම කාර්යාලයක්ම සහ උසාවියක්ම වසා තැබන අතර, කර්මාන්ත ශාලා විවෘතව පවතින නමුත් එහිදී සෞඛ්‍යාරක්ෂක නීති රීති අනුගමනය කළ යුතු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here