යහපාලන රජය ගෙනගිය අකාර්යක්ෂම කළමනාකරණය සහ මූල්ය අවභාවිතය හේතුවෙන් පාඩු ලබන රාජ්ය ඉංජිනේරු සංස්ථාව යළි සක්රිය තත්ත්වයට පත්කිරීමට වහා කටයුතු කරන ලෙස මම ඊයේ (10) පස්වරුවේ උපදෙස් ලබා දුනිමි.

යහපාලන රජය ගෙනගිය අකාර්යක්ෂම කළමනාකරණය සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය තත්ත්වයට පත්කිරීමට වහා කටයුතු කරන ලෙස අගමැතිතුමන් ඊයේ (10) පස්වරුවේ උපදෙස් ලබා දෙයි

ඒ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
යහපාලන ආණ්ඩු කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඔස්සේ අත්තනෝමතික ලෙස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති අතර ඒවායෙන් ලැබිය යුතු රුපියල් බිලියන ගණනක මුදල් මේ දක්වා ඉංජිනේරු සංස්ථාවට ලැබී නොමැති බව මෙහි දී අණාවරණය විය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිකිරීම් සඳහා ද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ලබා ගත් බවත් මෙතෙක් ඒ සඳහාවත් ගෙවීම් කර නැති බවත් ඉංජිනේරු සංස්ථා නිලධාරියෙක් මෙහි දී හෙළි කළේ ය. යහපාලන රජය සුදුසුකම් රහිත පත්වීම් සහ උසස්වීම් ලබා දීම හේතුවෙන් රජ්‍ය ඉංජිනේරු සංස්ථාව තුළ මේ වන විට සේවක අර්බුදයක් ද මතු ව ඇති බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.
එසේ ම අගමැතිතුමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් යහපාලන රජය විසින් නවතා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් එම සංවර්ධන කටයුතු ඇනහිට ඉංජිනේරු සංස්ථාව කබලෙන් ළිපට ඇද වැටුණේ යැයි ද නිලධාරීහු කියා සිටියහ. පෑලියගොඩ සී සිටි (C City) වෙළඳ පරිශ්‍රය මෙලෙස අතහැර දැමූ එක් ව්‍යාපෘතියක් පමණක් බව මෙහි දී හෙළි විය. අගමැතිතුමාගේ නියෝග පරිදි අදාළ වෙළඳ පරිශ්‍රයේ කටයුතු පසුගිය දා යළි ආරම්භ විය.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය කිරීමේ දී මෙතෙක් ඇනහිට තිබෙන ව්‍යාපෘති ආරම්භ කිරීමට සාකච්ඡා මාර්ගයෙන් පොදු තීන්දුවක් ගන්නා ලෙසත්, ඊට අවශ්‍ය මූල්‍ය සහය ලබා දීම පිළිබඳ ව අදාළ අංශ දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත් අගමැතිතුමන් අවධාරණය කළෙමි.
මෙම හමුවේ දී ගත් තීන්දු තීරණ වෘත්තිය සමිති නියෝජිතයෝ ඇගයීමට ලක් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here