කොළඹ, බම්බලපිටිය, මිලාගිරිය පටුමගේ රාත්‍රී සමාජ ශාලාවක නිරෝධායන නීති නොතකා සාදයක් පැවැත් වූ 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පිටකොටුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

අදාල රාත්‍රී සමාජ ශාලාවේ සාදයක් සඳහා සූදානමින් සිටි පිරිසක් පිළිබඳ ලද තොරතුරක් මත පිට කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එහි ගොස් මෙම වැටලීම සිදුකළා.

මෙම වැටලීමේදී එහි පැමිණ සිටි කාන්තාවන් 07දෙනකු ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් හට නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතයි.

පසුගිය සිකුරාදා එළිදැක්වූ කොවිඩ් 19 නව මාර්ගෝපදේශ යටතේය සාද සහ ප්‍රියසම්භාෂණ පැවැත්වීම සපුරා තහනම් කෙරුණා.

මේ අතර දිවයින පුරා නිරෝධායන නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයින් 218 දෙනෙකු ඊයේ (03) දිනය තුළදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ගණන 5,075ක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here