පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමඟාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබිණි.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ දෙරටේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දෙරට අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම්

1. සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම.
2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.
3. ශ්‍රී ලංකා කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
4. කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව.
5. කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

යන ගිවිසුම් වනවා

 

@https://sinhala.colombo24.com/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here