හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වු නිසා එම පාසල විෂබිජහරණය කරන තෙක් (16) දින සිට තාවකාලිකව වසා දැමු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසුවා.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය සහ ඇයගේ පෙම්වතා හදිසියේ ඇති වු රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනිම සදහා (15) දින දික්ඔය මුලිකරෝහල වෙත ගිය අවස්ථාවේ දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් විසින් රොගින් දෙදෙනාම ඇන්ටිජන් පරික්ෂණයට භාජනය කර තිබෙනවා.

එහිදි ගුරුවරියට සහ ඇයගේ පෙම්වතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වු බවත්,කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය වලපනේ සහ පෙම්වතා බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කළ බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසුවේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය ඉතා ආසන්න දිනයකදි පාසලේ ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවත්,අසාදිත ගුරුවරිය 06 වසරේ සිට 11 වසර දක්වා පන්ති සදහා ඉගැන්විම් කටයුතු සිදු කරන බව තහවුරු වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.

එම ජාත්‍යන්තර පාසලේ ළමුන් දහසක් පමණ අධ්‍යාපනය ලබන අතර අචාර්ය මණ්ඩලය 40 දෙනෙකුගෙන් සමන්විත වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here