“මහා වංශය” ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ තබා ඇති මහා වංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නම් කෙරෙනු ඇති.
යුනෙස්කෝ සංවිධානයේ නියෝජිතයින් දිවයින පුරා ඇති පුස්කොළ පොත් පරීක්ෂා කර තිබෙන නමුත් ඒවායේ අඩුපාඩු තිබීම හේතුවෙන් එම පොත් ලෝක උරුමයක් ලෙසට නම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති හෙයින් මෙම තීරණය ගෙන තිබෙනවා.
විශ්වවිද්‍යාල පුස්තකාලයේ තබා ඇති 13 වන සිය වසේ ලිය වූ බව සඳහන් මහා වංශයේ සියලු කොටස් නිවරැදිව පැවතීම සැලකිල්ලට ගෙන යුනෙස්කෝ සංවිධානය එම තීරණය ගෙන ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ.