පහසුකම් හේතුවෙන් සීමා වී ඇති විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමේ ක්‍රමවේදය වෙනස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එතුමා ම බව සඳහන් කළේ, අද (16) පස්වරුවෙ පැවැති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 31 වැනි උපාධි ප්‍රදානෝත්සවය අද පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේයි.

මෙහිදී විද්‍යාර්ථයින් 1379 දෙනෙකු සඳහා උපාධි පිරිනැමූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණා.

එහිදී ජනාධිපතිවරයා අදහස් දැක්වූයේ මෙලෙසින්,

 

“අපගේ විශ්වවිද්‍යාල ධාරිතාව පුළුල්වීමත් සමගම විශ්වවිද්‍යාල සම්පත් සීමාව මත නීර්ණය කරනු ලබන විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය වෙනස්විය යුතු වනවා. “සෞභාග්‍යයේ දැක්ම” අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි යටිතල පහසුකම්, තාක්ෂණය සහ මානව සම්පත් ප්‍රවර්ධනය අරමුණු කරගනු ලැබූ ආයෝජන මගින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ධාරිතාව ඉහළ දැමීම මගේ රජයේ වැදගත් ඉලක්කයක්. විශ්වවිද්‍යාල පහසුකම් පුළුල් කිරීම මගින් විශාල සිසුන් සංඛ්‍යාවකට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාවනවා. උසස් පෙළ විභාගයෙන් සිසුන් ලබාගන්නා ඉසෙඩ් අගය මත පමණක් සිසුන්ගේ අනාගතය තීරණය වීමට ඉඩනොදී ඔවුන්ගේ දක්ෂතා මත එය කළ යුතු වනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here