සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් (Full Face Helmet) පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙන බව අද අභියාචනාධිකරණය හමුවේ කරුණු අනාවරණය වුණා.

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම දැනුම්දීම සිදුකළා.

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ ගමන් කළේ යැයි චෝදනා කරමින් වැල්ලවාය පොලීසිය මගින් තමාට එරෙහිව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවයි පෙත්සම්කරු සඳහන් කර තිබුණේ.

2017 වසරේ අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ මෙම නඩුව ගොනු කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු, එම රෙගුලාසි නිසි පරිදි පාර්ලිමේන්තුව මගින් අනුමත කර නොමැති බවත් එය නීතියට පටහැනි බව සඳහන් කර සිටියා.

ඒ අනුව එම රෙගුලාසි යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here