Home Sri News ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට.

ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට.

550
0

 

ඇඳිරිනීතිය නොසලකාහරිමින් රැස් වූ මිහින්තලේ මරණාධාර සමිතියක නිලධාරී මණ්ඩලයක් අද (11) අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පැවසුවා.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබූවේ මිහින්තලේ වෙරුප්පන්කුලමට ගම්මානයේ වේළුසුමන ඒකාබද්ධ අවමංගල්‍යාධාර සමිතියේ පිරිසක්.

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමිතියේ රැස්වුණු සෙසු සාමාජික පිරිස පලාගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ නිලධාරී මණ්ඩලයේ සභාපති හා ලේකම් ඇතුළු අට දෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔවුනට නඩු පැවරිමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here