කතරගම ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කරන ‘කතරගම පූජා භූමි සංවර්ධන ව්යාපෘති 19 ක්’
දෙස් විදෙස් බෞද්ධ හින්දු බැතිමතුන් ඇතුළු සංචාරකයින්ගේ ගෞරවාදරයට පාත්ර වන ඓතිහාසික කතරගම පූජා භූමි නගරයේ සංවර්ධන කටයුතු මාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්රියාත්මක කරයි.
මෙම සංවර්ධන ව්යාපෘතියේ මූලික අරමුණ ඔස්සේ කතරගම නගරය බැතිමතුන්ගේ සහ සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීම බව නාගරික සංවර්ධන අධිකාරිය ප්රකාශ කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්යවරයා ලෙස මාගේ සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශයට අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්රව්ය බැහැරලීම සහ ප්රජා පවිත්රතා කටයුතු රාජ්ය අමාත්ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ ඌව පළාත් බදුල්ල කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම සංවර්ධන ව්යාපෘතිය ක්රියාත්මක වේ.
මෙම 2020 වසරෙන් ඇරඹෙන, කතරගම නගර සංවර්ධනය ව්යාපෘති 19ක් යටතේ ක්රියාත්මක වන අතර එම සමස්ත ව්යාපෘතිය 2030 වසරෙන් අවසන් කිරීම ප්රධාන ඉලක්කයයි.
සංවර්ධනයට යෝජිත ව්යාපෘති 19 න් ව්යාපෘති 02 ක් දෙටගමුව වැව ආශ්රිත ප්රදේශය සංවර්ධනය කිරීම සඳහා වෙන් කර තිබේ. එම ව්යාපෘති 02 යටතේ දෙටගමුව වැව නාගරික උද්යානය සහ පොදු විවේක ස්ථාන සංවර්ධන ව්යාපෘතියේ සහ දෙටගමුව ඇවිදින මංතීරුව ඉදිකිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කෙරේ. දෙටගමුව වැව සංවර්ධන ව්යාපෘතිය යටතේ අනෙක් ව්යාපෘතිය වනුයේ දෙටගමුව නාගරික උද්යානය සහ පොදු සේවා ස්ථාන සංවර්ධන ව්යාපෘතියයි.
දෙටගමුව වැව දීර්ඝ ප්රතිශතයකට හිමිකම් කියන අතර ජනප්රවාදවලට අනුව එහි ඉතිහාසය දුටුගැමුණු රජ සමය ඉක්මවා යයි. අතීතයේ ඉතා විශාල වැවක් ලෙස පැවැති බව පැවසෙන මෙම වැව මේ වනවිට හෙක්ටයාර් 175ක වපසරියකින් යුක්ත වේ. වල් බිහි වී විනාශ වී ගිය දෙටගමුව වැව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් 1947 දී ප්රතිසංස්කරණය කර තිබේ.
වැව ගොඩවීම හේතුවෙන් වැවේ මාළු ගහනව විනාශයට පත්වෙමින් පවතින අතර වැවේ ජල බස්නාව ඇතුළු රක්ෂිත සීමාව අද වන විට අනවසරයෙන් අල්ලා ගෙන තිබේ. වසරකට දෙවරක් විශාල කුඹුරු යායක් අස්වැද්දූ වැවේ ජලයෙන් මේ වන විට වැව ඉදිරිපස කුඩා කුඹුරක් පමණක් අස්වද්දනු දැකගත හැකි ය.
කතරගම පුදබිම කිරි වෙහෙර, අර්ධඵල බෝධිය, කතරගම දේවාලය, වැඩසිටි කන්ද, සෙල්ල කතරගම සහ දේවාලය සහ එහි උරුමයන් පිළිබඳව බැතිමතුන් තුළ ඇත්තේ මහත් ශ්රද්ධාවක් සහ භක්තියකි. තව ද කතරගම නගරය, පූජා භූමිය, මැණික් ගඟ, යාල අභය භූමිය වැනි විවිධ වටිනාකමින් යුත් ප්රදේශ යාබදව පිහිටා තිබීම කතරගම වටිනාකම තවත් ඉහළ නංවයි.
කතරගම නගර ප්රදේශය සංවර්ධනය කිරීම, පූජා භූමි කළාප 03 ක්, මිශ්ර සංවර්ධන කළාපයක්, නේවාසික කළාපයක්, පාරිසරික සංරක්ෂණ හා මිශ්ර සංවර්ධන කළාපයක්, කෘෂි කාර්මික ප්රවර්ධන කළාපයක් යන අංශ 07 යටතේ ක්රියාත්මක කෙරේ.
කතරගම සංවර්ධන ව්යාපෘතිය රටේ ආර්ථික ප්රගමණයට හේතු වනු ඇති අතර නිෂ්පාදකයින්ට වෙළඳපොළ සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට හැකියාව ලැබෙනු ඇත. එසේ ම මෙමගින් සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය ඇති වෙතැයි අපේක්ෂා කෙරේ.
එසේ ම නාගරීකරණ ක්රියාවලිය තුළ ඇති වන අවම සංවර්ධනය සහ විෂමතාව අවම කිරීමත් මෙමඟින් අපේක්ෂිත ය. ඒ සඳහා නාගරික ප්රතිව්යුහගතකරණය හරහා නව ආර්ථික කොරිඩෝවක් ද යෝජනා කර තිබේ. එසේ ම නව නගර සඳහා වටිනාකම් එක් කිරීමක් ද මෙහි දී සිදුකිරීමට නියමිත ය.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ
2021.03.27

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here