සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින්
ජනාධිපති හා අගමැතිගේ උපදෙස්න් මහනුවරට නව නිවාස 124කින් යුත් ව්‍යාපෘතියක් ඉදි කිරීම් ඇරඹේ.
මහනුවර නගර අංශ කිහිපයකින් සංවර්ධනය කිරීමට අද අගමැතිගෙන් උපදෙස්.
නුවර නව සංවර්ධන ව්‍යාපෘති ලබාදීම ගැන පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ගෙන් ප්‍රසාදය.

වස්රකි කිහිපයක් තිස්සේ තිබූ මහනුවර මධ්‍යම ප්‍රන්තිකයන්ගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයෙ දැක්ම වැඩ වැඩපිළිවෙළ යටතේ මහනුවර ගැටබේ ඉදිකෙරෙන නිවාස 124 කින් යුත් මහල් නිවාස ව්‍යාපෘතියට 12 වන දින මුල්ගල් තැබිණ.
කොළඹ නව නුවර මා මාර්ගය ට ආසන්නයේ ගැටඹේ අධිකරණ සංකීර්ණය පිටුපස මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකරන අතර එම භූමිය අවට රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් පිහිටා තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සිදු සිදුකරනු ලබන්නේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසිනි.

මහනුවර මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් මෙම සමාරම්භක අවස්ථාව සඳහා නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදේන කිරිදිගොඩ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන්ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන්, නගරාධිපති කේසර සේනානායක, ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන යන මහත්වුන් ඇතුළු ආරාධිතයෝ රැසක් ද රාජ්‍ය ආයතනවල නිලධාරීහු රැසක් ද සහභාගී වූහ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here