ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා කෝප් කමිටුවේදී පැවසුවා.
ඛනිජ තෙල් ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව පිලිබඳ සාකච්ඡා කිරීමට මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් කොප් කම්ටුව (19) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අදහස් දක්වමින් මෙම තොරතුරු ප්රකාශ කළා.
විශේෂයෙන් පසුගිය වසර තුළ බොරතෙල් බැරලයක මිල පහළ යාම නිසාත් තවත් හේතු කිහිපයක් නිසාත් මේ වාසිය ලබාගැනීමට හැකි වූ බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මෙම තොරතුරු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා බොරතෙල් මිල අඩු වීම නිසා පසුගිය වසර තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබුණු ලාබය පිළිබඳ කොප් කමිටුවේදී කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින්.