වයඹ පළාතට විශාල අඩුවක්ව පැවති පී.සී.ආර්. රසායනාගාරය ඊයේ (10) දින කුරුණෑගල මහ රෝහලේ දී විවෘත කළෙමි.
ඒ සඳහා රු. ලක්ෂ 125කට ආසන්න මුදලක් වැයකර ඇති අතර රු. ලක්ෂ 54ක් වටිනා පී.සී.ආර්. යන්ත්රය කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා විසින් නගර සභා විමධ්යගත අරමුදලින් පිරිනමා තිබේ.
මෙම රසායනාගාරය ඉදිකිරීම පිණිස රිදී විහාරය, ඇත්කද විහාරය ඇතුළු කුරුණෑගල විහාරස්ථානවල මහා සංඝරත්නය ද ව්යාපාරික ප්රජාව සහ වයඹ වෛද්ය පීඨය ද මුදල් හා උපකරණ පරිත්යාග කර ඇත.
ඊට අදාළ සියලු සම්බන්ධීකරණ කටයුතු රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්ය ඉන්දික රත්නායක මහතා ඇතුළු කුරුණෑගල දිසාවේ රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගම් එකමුතුව විසින් ඉටු කරන ලදී.
මෙම රසායනාගාරයෙන් දෛනිකව පී.සී.ආර්. පරීක්ෂණ 700ක් පමණ සිදු කිරීමට නියමිත අතර මෙම අවස්ථාවට සමගාමීව කුරුණෑගල හැන්ග්අවුට් අවන්හලේ පැවැති උත්සව අවස්ථාවට ද මම එකතු වුණෙමි.
කුඹුක්ගැටේ ඵෙතිහාසික කසාගල රජමහා විහාරාධිපති, ඉහළ දොළොස්පත්තුවේ ප්රධාන අධිකරණ සංඝනායක මැල්සිරිපුර විමලරතන නාහිමි උත්සව සභාව පංච ශීලයෙහි පිහිට වූ අතර කොළඹ රජ මහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිණි නුවර ශ්රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත මහාචාර්ය ගල්ලැහැපිටියේ ප්රේමරතන නාහිමි අනුශාසනාවක් පැවැත්වූහ.
පාදෙණිය පුරාණ රාජමහා විහාරාධිකාරී කුඹුක්ගැටේ බුද්ධි විසුද්ධි හිමි ඇතුළු මහා සංඝරත්නය, අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු, අමාත්ය පවිත්රාදේවි වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්රීවරු සහ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු ප්රාදේශීය දේශපාලනඥයෝ, රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය, රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්ය ඉන්දික රත්නායක, වෛද්යවරු, සෞඛ්ය කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අගමැති මහින්ද රාජපක්ෂ
2021.01.11

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here