යාපනය නගරාධිපති වන 37 හැවිරිදි විශ්වලිංගම් මනිවන්නන් අද අළුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

ඒ, යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටු වීමේ චෝදනා යටතේයි.

මෙම නගර ආරක්ෂක බළකාය පිහිටුවා ඒ වෙනුවෙන් නිල ඇඳුමක් ද නිර්මාණය කර තිබෙනවා.

එම නිල ඇඳුම LTTE සංවිධානය විසින් පවත්වාගෙන ගිය පොලිසියේ නිල ඇඳුමට බොහෝ සේ සමාන නිළ ඇඳුමක් වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, නගරාධිපතිවරයා අද දින ත්‍රස්ත ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දීමට නියමිත බවයි.

LTTE සංවිධානය මෙරට තහනම් සංවිධානයක්.

ඒ අනුව එම සංවිධානය ප්‍රවර්ධනය වන හෝ එම සංවිධානයේ නිල ඇඳුම් ලාංඡන ආදිය ප්‍රදර්ශනය කිරීමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් ක්‍රියාවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here