ලසිත් මාලිංග ලීග ක්රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කර ඇති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කරනවා.
ලසිත් මාලිංග ඒ සම්බන්ධයෙන් වන තීරණය මේ මස මුලදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දන්වා ඇති බවද එම කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වන්නේ ලසිත් මාලිංගයි. ඔහුගේ තීරණයත් සමගින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මාලිංගව කණ්ඩායමෙන් නිදහස් කර තිබෙනවා.
ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේදී මාලිංග වසර 12ක කාලයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්රීඩා කර තිබෙනවා. (Colombo Times)