කොළඹ තර්ස්ටන් විද්යාලයේ 71 වැනි සංවත්සරයට සමගාමීව ප්රතිසංස්කරණය කළ එම විද්යාලයේ පැරණිතම ගොඩනැගිල්ල අද (11) දින විවෘත කළෙමි.
අනාරක්ෂිත හා අබලන් තත්ත්වයේ පැවැති මෙම ඉපැරණි ගොඩනැගිල්ල ආරක්ෂක අමාත්යංශයේ මැදිහත්වීම මත ශ්රී ලංකා නාවික හමුදාව විසින් ප්රතිසංස්කරණය කරන ලදී.
ඒ සඳහා අවශ්ය උපකරණ හා ද්රව්ය මිල දී ගැනීම සඳහා තර්ස්ටන් විද්යාලයේ පාසල් සංවර්ධන සමිතිය රුපියල් මිලියන 13ක මුදලක් වැයකර ඇත.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද සමරු ඵලකය නිරාවරණය කොට විවෘත කළ මෙම ගොඩනැඟිල්ලේ මම ද සිප් සතර හදාරා ඇති බව පවසන්නේ මහත් ආඩම්බරයෙනි.
71 වසරක තර්ස්ටන් විද්යාලීය ඉතිහාසය තුළ වෘත්තීමය වශයෙන් වසර 50ක දේශපාලන දිවියක් සම්පූර්ණ කළ කීර්තිමත් ආදි ශිෂ්යයකු වෙනුවෙන් පිරිනැමෙන තර්ස්ටන් ප්රජාවේ සමරු තිළිණය මෙහිදී තර්ස්ටන් විදුහල්පති ප්රමුදිත වික්රමසිංහ මහතා සහ ප්රධාන ශිෂ්යනායක විසින් මා වෙත ප්රදානය කළහ.
අමාත්ය මහාචාර්ය ජී.එල් පීරිස්, අමාත්ය බන්දුල ගුණවර්ධන සහ ශ්රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොං මහත්වරු වෙත සමරු තිළිණ ප්රදානය කළේ මා විසිනි.
චීන ආරක්ෂක විද්යාලයීය ශ්රී ලංකා ආදි විද්යාර්ථ සංගමය හා චීන සමූහාණ්ඩුවේ සම්බන්ධීකරණයෙන් Huawei Idea hub විසින් පිරිනැමූ රුපියල් මිලියන 10ක් වටිනා ස්මාර්ට් පංති කාමර තාක්ෂණික උපකරණ කට්ටල 6ක් විද්යාලයට භාර දීම ද මීට සමගාමීව සිදුවිය.
තර්ස්ටන් විද්යාලයේ කීර්තිමත් ආදි ශිෂ්ය විශ්රාමික මේජර් ජනරාල්, රේගු අධ්යක්ෂ ජෙනරාල් ජී.වී. රවිප්රිය මහතා ඊට අදාළ ප්රදානය මා වෙත භාර දුන්නේ ය.
මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්රාමික ජනරාල් කමල් ගුණරත්න, රේගු අධ්යක්ෂ ජනරාල් ජී.වී රවිප්රිය, විදුහල්පතිතුමා ඇතුළු තර්ස්ටන් විද්යාලයීය ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතියේ සමාජිකයෝ, ආදි ශිෂ්ය සංගමයේ නියෝජිතයෝ සහ පාසල් දරුව පිරිසක් එක්ව සිටියහ.
අගමැති මහින්ද රාජපක්ෂ
2021.01.11

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here