ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (23) කළුතර වලල්ලාවිට පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහන අතරතුර යට්ටපාත කණිෂ්ඨ විද්‍යාලයේ සිසුවියක් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ වලල්ලාවිටට පැමිණි අවස්ථාවේ යට්ටපාත කණිෂ්ඨ විද්‍යාලයේ සිසුවියක ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පාසලට ගොඩනැගිල්ලක්, ක්‍රීඩාංගණයක් සහ ජල ව්‍යාපෘතියක් සම්පාදනය කර දෙන ලෙසය.
ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අමතා අදාළ සංවර්ධන කටයුතු ආරම්භ කරන්නැයි නියෝග කළේය.