කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා රාජ්ය මැදිහත්වීමෙන් දෙ වසරක කාලයක සඳහා සහන ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡාවක් මගේ ප්රධානත්වයෙන් ඊයේ (08) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
සිනමා කර්මාන්තයය ආශ්රිත ගැටලු සාකච්ඡා කිරීම සඳහා එම කර්මාන්තයෙහි නියැළි වෘත්තිකයන්ගේ සංගම් හා සංවිධාන එම මෙම හමුවට කැඳවා තිබිණි. ඒ අනුව චිත්රපට නිෂ්පාද සංසදය, ශ්රී ලංකා සිනමා අධ්යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා සිනමාශාලා හිමියන්ගේ සංගමය මෙම හමුවට එක් විය.
කොවිඩ් -19 අර්බුදය හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි චිත්රපට අධ්යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ සිනමාශාලා හිමියන් මෙම හමුවේදී මා හට පැහැදිලි කළේය.
එහි දී 2021-2023 කාලය තුළ ආකර්ෂණීය චිත්රපට 25ක් ප්රදර්ශනය කිරීම ඇතුළු මෙම අභියෝගාත්මක කාලයේ දේශීය සිනමා කර්මාන්තය නඟා සිටුවීමට අදාළ ප්රායෝගික වැඩපිළිවෙළක් සහ සිනමාශාලාවල වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු ද මා වෙත කරුණ ඉදිරිපත් කෙරිණි.
සිනමාශාලාවල විදුලිය ගාස්තු ගණනය කිරීමේ දී කර්මාන්ත ගණයට ගෙන ගණනය කිරීම, විනෝද බද්ද වසර දෙකක කාලයක් සඳහා 05% දක්වා අඩුකිරීම, බෙදාහැරීමේ ගාස්තු අහෝසි කිරීම හෝ අවම කිරීම, මේ සම්බන්ධ තීන්දු ගැනීම විශේෂඥ කමිටුවක් යටතට පත්කිරීම, සිනමාපට නිෂ්පාදනය සඳහා 4 – 6%ක පොලී අනුපාතයට රාජ්ය බැංකුවලින් ණය ලබා දීම, රාජ්ය හා පෞද්ගලික මාධ්යවල සහනදායී ප්රචාරක වැඩපිළිවෙළක් සැකසීම ආදි කරුණු පිළිබඳ මෙම හමුවේ දී අවධානය යොමු විය.
මේ පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා අදාළ යෝජනා ඒ ඒ ආයතන හා අංශ වෙත යොමු කර සාකච්ඡා කරන ලෙස මම මෙහි දී දැනුම් දුනිමි. ඒ අනුව අදාළ ආයතන හා අංශ දැනුම්වත් කරමින් ඉදිරියේ දී මෙම සහන ක්රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීන්දුවකට එළැඹීමට නියමිතව ඇත.
ඇමැති බන්දුල ගුණවර්ධන මහතා චිත්රපට නිෂ්පාදකයෙකු ලෙසත්, ඇමැති සරත් වීරසේකර මහතා චිත්රපට අධ්යක්ෂකවරයෙකු ලෙසත් මෙම අවස්ථාව සඳහා සහභාගීවීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත කැටගොඩ, අග්රාමාත්ය ලේකම් ගාමිණි සෙනරත්, අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්යංශ ලේකම් එස්.ආර් ආටිගල, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්රාමාත්ය මාධ්ය ලේකම් සහ දේශීය සිනමා ශිල්පීන්ගේ සංගමයේ සභාපති රොහාන් වැලිවිට, ජාතික චිත්රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස ඇතුළු චිත්රපට සංස්ථා අධ්යක්ෂ මණ්ඩලය, ශ්රී ලංකා සිනමා අධ්යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක, ශ්රී ලංකා සිනමා ප්රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී. රැකව, ශ්රී ලංකා සිනමා නිෂ්පාදකයන්ගේ සංසදයේ සභාපති රසිත ජිනසේන ඇතුළු ඒ ඒ සංගම් නියෝජනය කරමින් කලාකරුවන් රැසක් එක්ව සිටියහ.
අගමැති මහින්ද රාජපක්ෂ
2020.01.09

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here